12th November 2022 20:13:54 Hours
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91, 91 බී, SC 19, 61 (ස්වේච්ඡා) කණ්ඩායම් යටතේ සහ කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 19, 18 (ස්වේච්ඡා) කණ්ඩායම් යටතේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. මෙම අවස්ථාව සඳහා සැම්බියාව සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින්ද විදේශීය කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් සහභාගී වූහ.
එම සංචාරයේදී කෙඩෙට් නිලධාරි පිරිස විසින් යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන පර්යේෂණ ව්‍යපෘතින්හි අවසාන ඉදිරිපත් කිරීමේ කොටසක් ලෙස, ‘රුසියානු සහ යුක්රේන ගැටුම සහ එමගින් දකුණු ආසියාවට ඇති වන බලපෑම්’ යන කාලීන තේමාව යටතේ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසදරක නිරත විය.
මෙම විශේෂ හමුව අතරතුර යුද්ධ හමුදාපතිතුමන් විසින් රුසියානු සහ යුක්රේන ගැටුම මගින් මෙරට ජාතික අවශ්‍යතා කෙරෙහි ඇති වන බලපෑම, දකුණු ආසියාතික රටවල ආරක්‍ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය, නව යුධ උපාය මාර්ග භාවිතා කිරීම යනාදී කරුණු පිළිබඳව අදහස් දැක්වන ලදී.
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී නුදුරේදී පැවැත්වීමට නියමිත විසිර යාමේ උත්සවයට පෙර තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් මෙම අවස්ථාව වෙනුවෙන් එහිදී කෙඩෙට් නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පළ කළහ.
සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෙඩෙට් නිළධාරීන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලද අතර, ඔවුන්ගේ එම පර්යේෂණ ව්‍යපෘතින්හි අවසාන ඉදිරිපත් කිරීම වෙනුවෙන් සුභාශිංසනයන් එක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක කර්නල් බී.එන්.එස්.බී. රංගම ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් එන්.එස්.පී ද සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ පාඨමාලා නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.