10th November 2022 20:37:53 Hours
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගිය බදාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූ අතර, මෙම හමුව සඳහා කොළඹ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් චාපාස් (Séverine Chappaz) මෙනවිය, ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සන්නද්ධ හමුදා නියෝජිත ඇල්බට් ස්චොනෙවල්ඩ් (Albert Schoneveld) සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා වැඩසටහන් නිලධාරී චන්න ජයවර්ධන යන මහත්වරුන් ද එක්වූහ.
මෙම සුුහද හමුව අතරතුරදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් සමඟින් අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමේ මූලික අභිප්‍රායෙන් මෙම සුහද හමුව පැවැත්විණි.