Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2022 19:03:17 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් වෙත වියලි ආහාර සලාක පාර්සල් බෙදාදෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආර්ථික දුෂ්කරතා අවම කරගැනීමට යම් කිසි සහනයක් සැලසීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරිකරනු ලබන භටපිරිස් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (10) දින පවත්වන ලදී.

මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත අධ්‍යක්‍ෂ මණ්ඩල යන්හි රාජකාරි කරනු ලබන භටපිරිස් වෙතින් තෝරාගත් ප්‍රතිලාභීන් 250 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබූහ.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකාරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පී විසින් උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

මෙම උත්සව අවස්ථාව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒසී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් වඩාත් වර්ණවත් විය.