Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2022 20:38:35 Hours

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, යුද්ධ‍ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ තානාපති මිසුකොෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් යූකි යොකොහාරි (Yuuki Yokohari) පසුගිය බදාදා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.  

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාවේ අවධානයට ලක්විය යුතු කරුණු සහ සංවර්ධන ඉලක්ක කරගත් භූමිකාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබූ අතර දෙරට අතර පවතින සුහදතාවය සහ ද්විපාර්ශ්වික සබඳතාවයේ දිගුකාලීන බැඳීම් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමඟ පැවැත්වෙන පුහුණු වැඩසටහන් වැඩිදියුණු කිරීම සහ ඒකාබද්ධ අභ්‍යාසවලට සහභාගීවීමේ හැකියාව පිළිබඳව කරුණු වඩාත් අවධානයට ලක්විය.  

මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජපාන තානාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.  

මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී සහ යුද සේවා ලේකම් කර්නල් ආර්.ඒ.ඩී.එස්. රාජපක්‍ෂ ආර්එස්පී පීඑස්සී ද යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.