09th November 2022 20:30:35 Hours
වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරී නිවස්න ගොඩනැගිලි සංකීර්ණය එම රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා නිල වශයෙන් භාරදීම පසුගිය බදාදා (09) දින එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පීල් (විශ්‍රාමික) ගේ සුරතින් සිදුවිය. එම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ද සහභාගී වූහ.
වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දීර්ඝ කාලයක සිට පැවති අවශ්‍යතාවයක් සපුරමින් ඉදිකරනු ලැබූ මෙම නිලධාරි නිවස්න ගොඩනැගිලි සංකීර්ණය මහල් දෙකකින් සමන්විත විය.
වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්‍ෂක ලේකම්තුමන් වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past) පුදකරනු ලැබීමත් සමඟ උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී. එම්. හෙට්ටිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම අවස්ථාවට සපැමිණි අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
අනතුරුව, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පීල් (විශ්‍රාමික) සමරු ඵලකය නිරාවරණය කර සංකේතාත්මක පීත්ත පටිය කපා නව නිලධාරි නිවස්නයේ විවෘත කිරීම සනිටුහන් කරන ලදී. පසුව, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරි නිවස්න සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාට කෘතවේදීත්වය දැක්වීමේ සංකේතයක් ලෙස සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම උත්සව අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී.වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගේ සහභාගීත්වයෙන් වඩාත් වර්ණවත් විය.