07th November 2022 06:25:39 Hours
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) භටපිරිස් වෘත්තීමය නිපුණත්වයකින් සහ පළපුරුද්දකින් යුතුව සිදුකරනු ලබන මෙහෙයුම් අගයකරමින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය - නැගෙනහිර විසින් ‘විශිෂ්ටතා’ පදක්කමක් පිරිනමන ලදී.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් ස්ටෙෆාන් ඇන්ඩර්සන් (Brigadier General Stefan Andersson) ඉකුත් අඟහරුවාදා (01) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) ස්ථාන ගත කඳවුරේ සංචාරයක නිරත විය. එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම වෙත පවරන රාජකාරීන් මැනවින් ඉතා විශිෂ්ට ලෙස ඉටුකිරීම වෙනුවෙන් එහි සිටින සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ‘විශිෂ්ටතා’ පදක්කම පළදවා ඔවුන් ඇගයීමට ලක් කළේය.
පසුගිය මාස 6 තුළ, මාලි රාජ්‍යයේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ රාජකාරීන්හී නිරත හමුදා භටපිරිස් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ දරුණු අභ්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර කර ඇත. එමෙන්ම, ඔවුන්ගේ කුරිරු සහ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති සියලුම එක්සත් ජාතීන්ගේ භටපිරිස් වෙත ප්‍රබල තර්ජනයක් එල්ල කර ඇත.