Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2022 20:51:31 Hours

අන්තර් රෙජිමේන්තු ‘පිහිනුම් හා දිය පන්දු ශූරතාවලිය - 2022’ සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිනුම් හා දිය පන්දු ශූරතාවලිය - 2022 හි අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (1) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටා ඇති පිහිනුම් තටාක පරිශ්‍රයේදී පැවැත්විණි.  

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී විය.  

දින දෙකක් පුරාවට පැවති පිහිනුම් තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 16 ක් නියෝජනය කරමින් නවක හා විවෘත කාණ්ඩයන් යටතේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 287 දෙනෙකු සහභාගී වූහ.

එමෙන්ම, අන්තර් රෙජිමේන්තු දිය පන්දු ශූරතාවලිය සඳහා රෙජිමේන්තු කණ්ඩායම් 14 ක් විවෘත හා නවක කාණ්ඩයන් යටතේ තරඟවැදිණි.  

තරඟය සමාප්තියේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිය සුබපැතුම් එක් කළ අතර, ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ද එක්වූහ.  

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ මඟපෙන්වීම මත සමස්ත තරඟාවලිය සහ අවසන් මහා තරඟය සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා රෙජිමේන්තු මට්ටමින් තරඟ සැප්තැම්බර් මස ආරම්භ විය.

අවසන් මහා තරඟය නැරඹීමට සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.  

තරඟාවලියේ ජයග්‍රාහකයින් පිළිබඳ විස්තර පහතින් දැක්වේ:

1. විවෘත කාණ්ඩය - දිය පන්දු

අ. ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

ආ. අනුශූරතාවය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

2. නවක කාණ්ඩය - දිය පන්දු

අ. ශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

ආ. අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

3. දක්‍ෂතම ක්‍රීඩකයා (දිය පන්දු) - ලුතිනන් එච්.ඩී.ඒ. පාරිස් (ගජබා රෙජිමේන්තුව)

 

4. විවෘත කාණ්ඩය (පිරිමි) - පිහිනුම්

අ. ශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

ආ. අනුශූරතාවය - ගජබා රෙජිමේන්තුව

ඇ. දක්‍ෂතම ක්‍රීඩකයා - ලුතිනන් එච්.ඩී.ඒ. පාරිස් (ගජබා රෙජිමේන්තුව)  

5.නවක කාණ්ඩය (පිරිමි) - පිහිනුම්

අ. ශූරතාවය - විජයබාහු පාබල රෙජිමේන්තුව

ආ.අනුශූරතාවය - ගජබා රෙජිමේන්තුව

ඇ. හොඳම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබල කේ.ඒ.ඩී.කේ. කෝකිල (ගැමුණු හේවා බලකාය)  

6. විවෘත කාණ්ඩය (කාන්තා) - පිහිනුම්

අ. ශූරතාවය - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

ආ.අනුශූරතාවය - ශ්‍රී ලංකා සංඥා බලකාය

ඇ. හොඳම ක්‍රීඩිකාව - සාමාන්‍ය සෙබල එන්.එම්.ආර්.ජී.පී. නාවෙල (ශ්‍රී ලංකා සංඥා බලකාය)  

7. නවක කාණ්ඩය (කාන්තා) - පිහිනුම්

අ. ශූරතාවය - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

ආ. අනුශූරතාවය - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

ඇ. හොඳම ක්‍රීඩිකාව - සාමාන්‍ය සෙබල ආර්.එම්.එම්.ජී.එස්.එම්. බණ්ඩාර 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය