01st November 2022 15:08:26 Hours
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2022 අවසන් මහා තරඟය පනාගොඩ යුද්ධ හමුදා ගෟහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 31 දින පැවැත්විණි.
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම් 19 ක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉතා උනන්දුවකින් සහ කැපවීමකින් යුතුව පසුගිය සති දෙකක කාලයක් පුරා පැවැත්වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායම සහ යුද්ධ හමුදා යුධෝපකරණ බලකා වොලිබෝල් කණ්ඩායම් ද්විත්වය තරඟ වැදුනු අතර, එම තරඟය නැරඹිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී විය.
තරඟාවලියේ ශුරතාවය යුද්ධ හමුදා යුධෝපකරණ බලකා වොලිබෝල් කණ්ඩායම හිමිකර ගත් අතර, යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවයත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ වොලිබෝල් කණ්ඩායම තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.
මෙම අවස්ථාවට සහභාගී වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් තරඟයට සහභාගී වූ ක්‍රීඩකයින්ට සුබපැතුම් එක් කරමින් ජයග්‍රාහකයන්ට හිමි කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළේය.
මෙම වොලිබෝල් තරඟාවලිය යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම්ගේ උපදෙස් මත සංවිධානය කරන ලද අතර, අවසන් මහා තරගය නැරඹිම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ වොලිබෝල් ක්‍රීඩකයන් අතර ‘ඒ’ කාණ්ඩයේ පැවති තරඟය, අවසන් මහා තරඟයට පෙර පැවති තරඟ අතරින් ඉතා උණුසුම් තරගයක් විය.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා වොලිබෝල් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය දිනාගත් අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංඥා බලකා වොලිබෝල් කණ්ඩායම පිළිවෙලින් තරගාවලියේ දෙවන සහ තෙවන ස්ථානයන් හිමිකර ගත්හ.
තරඟකරුවන්ගේ දක්‍ෂතා පහත පරිදි වේ.
හොඳම ක්‍රීඩකයා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් චෙල්වම් සෙල්වම්
හොඳම ප්‍රහාරකයා - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් අයි මධුෂාන්
හොඳම පන්දු සකසන්නා/හොඳම පන්දු ගොඩගන්නා - ශ්‍රී ලංකා යුධෝපකරන බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.එස් දුෂාන්ත
හොඳම පන්දු වලක්වන්නා - ශ්‍රී ලංකා යුධෝපකරන බලකායේ සාමාන්‍ය සෙබල ඩීජී කුමාර
හොඳම පිරිනමන්නා - ශ්‍රී ලංකා යුධෝපකරන බලකායේ ලාන්ස් කෝප්‍රල් චෙල්වම් සෙල්වම්