14th October 2022 07:34:58 Hours
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 39 වැනි සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් පැවැත්වූ අතර, එම උත්සවය සඳහා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ බිරිඳ වන මානෙල් මංගලිකා විමලරත්න මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, කුරිරු ත්‍රස්ථවාදයෙන් රට මුදවා ගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කල වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, රණක්‍ෂිතයට පත් වීරෝධාර රණවිරුවන්, ගජබා රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බඳදා (12) සහ බ්‍රහස්පතින්දා (13) යන දෙදින තුල උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගෙන් සැදුම්ලත් අලංකාරවත් වූ පෙරහැරකින් සර්වඥ ධාතු කරඬුව, පිරුවාන පොත් වහන්සේ සමඟින් ගෞරවනීය මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් පසු පැවති ආගමික වතාවත් සහ මහා සංඝරත්නයේ ධර්ම දේශනාවෙන් අනතුරුව සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනාව ආරම්භ කරන ලදී. සෙත් පිරිත් සජ්ඣායනාව ශ්‍රවනය කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඇතුලු සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.
සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයෙන් පසු 13 දින උදෑසන යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජානකී ලියනගේ මැතිණිය ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් ලොවුතුරා බුදුපියාණන් උදෙසා බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා 25 නමක් උදෙසා හීල් දානය පිළිගන්වන ලදී.
ගජබා රෙජිමේන්තුව ආරම්භයේ සිට වර්ෂ 2009 මැයි මස මානුෂීය මෙහෙයුමේ අවසන් මෙහෙයුම දක්වාම බොහෝ යුද ක්‍රියාන්විත සඳහා සක්‍රීයව දායක වූ රෙජිමේන්තුවක් වන අතර, රට ආරක්‍ෂා කිරීම සඳහා පරාර්ථකාමී අභීත රණවිරුවන් බිහිකල රෙජිමේන්තුවක් ද වේ. රටට සාමය උදාකරදීම වෙනුවෙන් අපරිමිත සේවයක නිරත වූ මෙම රෙජිමේන්තුවේ විරෝදාර නිලධාරින් 175 දෙනෙකු සහ සෙසුනිලයින් 4075 දෙනෙකු සිය ජිවිත පූජා කල අතර නිලධාරින් 180 දෙනෙකු සහ සෙසුනිලයින් 4030 දෙනෙකු රණක්‍ෂිතයට පත්විය.