Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2022 16:08:43 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් වෙත උසස්වීම් හිමිගැන්වූ අතර, ඒ අනුව බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 05 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ. එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් සංකේතාත්මකව නිල ලාංඡන පැළඳවීය.

ඒ අනුව, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී පීඑස්සී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ජේඒආර්එස්කේ ජයසේකර යූඑස්පී පීඑස්සී, 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්ජේ ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 14 වන සේනාංකයේ සේනාංකාධිපති ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මේජර් ජෙනරල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යූඑස්පී යන බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මේජර් ජෙනරල් නිලයේ නිල ලාංඡන පැළඳවා මේජර් ජෙනරල් නිලයේ අසිපත පිරිනමනු ලැබීය.

උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව යුද්ධ හමුදාපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අනාගත රාජකාරි කටයුතු සාර්ථකව සිදුකිරීම වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් “ඔබ සියලුදෙනා කැපවීමෙන් ඉටුකරනු ලැබූ භූමිකාවන් ඇගයීමට ලක්කරමින් මෙම උසස්වීම් පිරිනමන අතර, එම කැපවූ සේවය අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි” යනුවෙන් ප්‍රකාශ කරනු ලැබීය.