Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2022 10:26:37 Hours

ඉන්දියාවේ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක දකුණු කොරියානු යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් හැන් ජොං හුන් (Lieutenant Colonel Han, Jong - hun), අඟහරුවාදා (04) දින සන්ධ්‍යාවේ කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ඉන්දියාවේ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක අතර පැවති මෙම සුහද හමුවේදි දෙරටෙහිම යුද්ධ හමුදාවන්ට වැදගත් වන පොදු කරුණු පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දෙරටෙහිම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පවතින සුහදත්වය, සහයෝගීතාවය සහ අවබෝධය වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද එහිදි සිහිපත් කරන ලදී.

මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ඉන්දියාවේ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.