02nd October 2022 11:44:31 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම සිදුකරන ලද සංචාරය අතරතුර, පසුගිය සිකුරාදා (30) දින දියතලාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ගජබා රෙජිමේන්තුවේ නව නිවාඩු නිකේතනය සඳහා මුල්ගල් තැබීය.
එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ගජබා රෙජිමේන්තුවේ මන්ත්‍රණන සභාවේ සාමාජිකයෙකු සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් පිළිගන්නා ලදී.
ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය. ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලයන්ගේ ප්‍රයෝජනය සඳහා නව නිවාඩු නිකේතනය ඉදිකිරීම නියමිතය.
මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.