26th September 2022 18:30:34 Hours
මුලතිව්, වල්ලිපුනම් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සලසමින් සෙන්චෝලේ ක්‍රීඩා පිටියට යාබදව පවත්වනු ලබන උපකාරක පන්තියක ඉගෙනුම ලබන ළමුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් 681 වන බලසේනාවේ භටපිරිස් විසින් මේස හයක් සහ බංකු හයක් සාදා දෙනු ලැබූහ.
පාසල් කාලයෙන් පසු එම උපකාරය පන්තියේ ඉගෙනුම ලබන ළමුන් 75 දෙනෙකු පමණ අත්විඳින අපහසුතා මඟහරවමින් යුද්ධ හමුදා භටපිරිස් ඔවුන් සතු සම්පත් උපයෝගී කරගනිමින් මෙම මේස සහ බංකු නිෂ්පාදනය කරදෙනු ලැබීය. දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ සහයෝගය මත භටපිරිස් වෙතින් මෙම මේස සහ බංකු නිෂ්පාදනය කරනු ලැබූ අතර ලබාදුන් සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත ඔවුන්ගේ ප්‍රශංසාවන් ද හිමිවිය.