20th September 2022 18:23:03 Hours
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ හිටපු සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී සහ හිටපු විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් අඟහරුවාදා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
එහිදී, යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඇගයීමට ලක්කළ අතර එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුබපැතුම් ද පිරිනැමුවේය. එමෙන්ම, මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවස්ථාවන්හිදී ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ඇතුලු ප්‍රධාන ධූරයන් හොබවමින් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.
තවද, විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී පාබල හමුදා නිලධාරියෙකු වශයෙන් සිදුකරනු ලැබූ නිර්භීත සේවය පිළිබඳව මතකයන් ද මෙම අවස්ථාවේදී යළි ආවර්ජනය කරන ලදී.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු පවුලේ සාමාජිකයින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාපතිතුමන් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුමන් ද එක්කළේය. එමෙන්ම විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත ස්තූතිය පුදකළේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතිය පුදකරන ලදී.
සුහද හමුවේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලදී.