16th September 2022 18:29:53 Hours
පුස්තකාල පුහුණු හා ග්‍රන්ථ සංරක්‍ෂණය ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙකු වන කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා විසින් අද (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත පුස්ථකාලය සඳහා බෞද්ධ දර්ශනය ඇතුලත් ග්‍රන්ථ කට්ටල 18 ක් (ග්‍රන්ථ 508) පිළිගැන්වීය.
ඒ අනුව, එම ග්‍රන්ථ කට්ටල තොගය කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී භාරදීම සිදු කෙරිණි.
රටේ සංවර්ධනය සඳහා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන කාර්යභාර්ය අගය කරමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිහරණය සඳහා, පරිත්‍යාගශීලි කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා විසින් 2009 වර්ෂයේ සිට දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා පුස්තකාල සියයකට අධික ප්‍රමාණයක් සඳහා විවිධ විශය ක්‍ෂේත්‍රයන්ට අදාලව ග්‍රන්ථයන් ප්‍රදානය කර ඇත.
කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා විසින් ප්‍රධාන වශයෙන්, දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පුස්තකාලය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පුස්තකාලය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුස්තකාලය සහ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පුස්තකාලය සඳහා සිය ග්‍රන්ථ පරිත්‍යාගමය දායකත්වය ලබාදී ඇත.
මෙම ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා පැවති හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා අතර, පුස්තකාල සහ ග්‍රන්ථ සංරක්‍ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳව සුහදව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
සුහද හමුව අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් කලණ චන්දිමාල් වීරතුංග වාකිස්ට මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අධ්‍යක්‍ෂ පුහුණු බ්‍රිගේඩියර් ඩීකේඑස්කේ දොලගේ යූඑස්පී පීඑස්සී සහභාගී විය.