16th September 2022 18:33:53 Hours
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වශයෙන් http://alt.army.lk/doo/ වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය බ්‍රහස්පතන්දා (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී සිදු කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් නව වෙබ් අඩවිය විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්යූඑම්එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ විදේශ මෙහෙයුම් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකාරක මේජර් ජෙනරල් ආර්ඒඩීඑස් ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.
නව වෙබ් අඩවිය මගින් මෙරට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි ඉතිහාසය, ආයතන ව්‍යයුහය, පුහුණුවීම් පිළිබඳ විස්තර සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියෙහි නියුතු කණ්ඩායම්වල අපේක්‍ෂිත ඉදිරි වැඩසටහන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත.