Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2022 17:36:43 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකාරක ධූරය හොබවන උසස්වීම් ලැබූ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ආර්ඒඩීඑස් ශාන්ත රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අද (13) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡන පළඳවා සංකේතාත්මක අසිපත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, පැවති සුහද හමුවේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සුබපැතුම් එක්කළ අතර, මේජර් ජෙනරල් ආර්ඒඩීඑස් ශාන්ත රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දශක තුනකට අධික කාලයක් මව්බිම වෙනුවෙන් කැපවීමෙන් යුතුව ඉටුකල සේවය පැසසුමට ලක්කලේය.

මේජර් ජෙනරල් ආර්ඒඩීඑස් ශාන්ත රණවීර යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකාරක ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ධූරයන් හොබවා ඇත.