05th September 2022 16:50:04 Hours
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ තවත් එක් ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරයෙකු වෙත අද (5) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් උසස්වීම් නිල ලාංඡන පළඳවනු ලැබීය.
විශේෂ බලකායේ මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මෙලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සංකේතාත්මක අසිපත ලබාගනු ලැබීය.
මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය අදහස් දක්වමින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සිය සුබපැතුම් එක් කළ අතර මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙස ද මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත උපදෙස් ලබාදුන්නේය.