31st August 2022 19:17:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය වන www.army.lk වෙත ‘BestWeb.lk -2022’ තරඟයෙන් රාජ්‍ය අංශයේ හොඳම වෙබ් කාණ්ඩයට හිමි ලෝකඩ පදක්කම පසුගිය අඟහරුවාදා (30) දින කොළඹ ‘Cinnamon Grand’ හෝටලයේදී පැවති උත්සවයකදී ප්‍රදානය කෙරිණි.
‘LK Domain Registry’ ආයතනය විසින් 12 වන වරටත් සංවිධානය කරන ලද රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟය සඳහා තොරතුරු අන්තර්ගතය සහ යාවත්කාලීන කිරීම්, තාක්‍ෂණික විශේෂාංග, වෙබ් පිටු සහ වෙබ් අඩවි නිර්මාණය, තොරතුරු වල සම්පූර්ණත්වය, තොරතුරු නිරවද්‍යතාවය, නිවැරදි භාෂාව, භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණය, තොරතුරු විශේෂාංග එක් කිරීම, බහු භාෂා සේවාව, ඇසට ප්‍රියබව, විශ්වසනීයත්වය යනාදී නිර්ණායකයන් උපයෝගී කරගනිමින් හොඳම රජයේ වෙබ් අඩවි අංශය, හොඳම වෙළඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ වෙබ් අඩවි අංශය, හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව වෙබ් අඩවි අංශය, හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙබ් අඩවි අංශය, හොඳම බැංකු හා මූල්‍ය වෙබ් අඩවි අංශය, හොඳම මාධ්‍ය වෙබ් අඩවි අංශය, ක්‍රීඩා සහ විනෝදාස්වාද වෙබ් අඩවි අංශය, හොඳම සෞඛ්‍ය සහ සුවතා වෙබ් අඩවි අංශය, හොඳම පුද්ගලික වෙබ් අඩවි අංශය, හොඳම සංචාරක සහ මගපෙන්වීමේ වෙබ් අඩවි අංශය, හොඳම ලාභ නොලබන වෙබ් අඩවි අංශය සහ හොඳම පුරවැසි සේවාවන් සපයන වෙබ් අඩවි අංශය යන වෙබ් අඩවි කාණ්ඩයන් තෝරා ගන්නා ලදී.
මෙම පදක්කම් ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න, යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සහ වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ සිසිර විජේසිංහ මහතා සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ආරම්භක පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්‍ෂ සචින්ද්‍ර සමරරත්න සහ ‘TechCert’ තොරතුරු තාක්‍ෂණ ආරක්‍ෂක සේවයෙහි ව්‍යවසාය ව්‍යාපාර ප්‍රධානී මිෂ්රා රණසිංහ යන මහත්වරුන් විසින් යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට හිමි එම ලෝකඩ පදක්කම ප්‍රධානය කරන ලදී.
මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ‘LK Domain Registry’ ආයතනය හි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ ආරාධනයෙන් ‘Axiata Digital Labs’ ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී තුෂේර කවුඩවත්ත මහතා සහභාගී විය.
ශ්‍රී ලාංකේය වෙබ් අඩවි ජනප්‍රියකර ප්‍රචලිත කිරීම, දැනුවත් කිරීම, පිළිගත් සුවිශේෂී වෙබ් අඩවි වැඩි දියුණු කිරීම, වෙබ් අඩවිවල ගුණාත්මක භාවය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම යනාදී එක් එක් කාණ්ඩයන් උදෙසා වූ මෙම තරඟයට දිවයිනේ වෙබ් අඩවි 500 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණි.
පසුගිය සම්මාන උළෙලයන්හිදී www.army.lk වෙත ලෝකඩ සම්මානයක් මෙන්ම කුසලතා සම්මාන සහ සහතික පත්ද හිමිවී ඇත.
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු විසින් ‘www.army.lk’ වෙබ් අඩවිය යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය ඇතිව පවත්වාගෙන යනු ලබයි.