30th August 2022 18:55:55 Hours
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී අද (29) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබු බ්‍රිගේඩියර් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත සුබපැතුම් එක්කරමින් නිල ලාංඡන පැළදවීය.
මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මේවන විට කොළඹ 3 පිහිටි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලා අංක 1 හදාරනු ලබයි.
මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුද්ධ හමුදාවේ අභිවෘර්ධිය උදෙසා දශක තුනකට අධික කාලයක් සිදුකළ කැපකිරීම අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන් වෙත සුබ පැතුම් එක් කළේය.
ඉන් අනතුරුව, නිලයත් සමඟින් පැවරෙන වගකීම් සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සංකේතාත්මකව අසිපත ප්‍රදානය කරන ලදී.
අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කෘතවේදීත්වයට ස්තූතිය පලකළ මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ ඡායාරූපයකටද පෙනී සිටියහ.