30th August 2022 15:42:04 Hours
‘මා නිවත්ත අභික්කම’ යන පාලි වචනයෙන් අර්ථවත්වන ‘නොනැවති ඉදිරියට’ යන අභිමානවත් ගැමුණු හේවා රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය පෙරදැඩි කොටගෙන ගැමුණු හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එම්.එම් සුමනසේන යූඑස්පී (විශ්‍රාමික) විසින් රචිත ‘නොනැවති ඉදිරියට’ යන ග්‍රන්ථයෙහි පිටපතක් එතුමන් විසින් පසුගිය සඳුදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගන්වන ලදී.
සුහද හමුව අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් එම්.එම් සුමනසේන යූඑස්පී (විශ්‍රාමික) වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.