28th August 2022 15:01:55 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංගේ ආරාධනයෙන් පසුගිය සෙනසුරාදා (27) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි වෙත නිල සංචාරයක් සිදුකරන ලදී.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ආරක්‍ෂක මුරයේ ගෞරවාචාරය (Drive-past) එතුමන් වෙත පිරිනමන ලදී. පසුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී එම මූලස්ථානයේ සියළුම නිලයින් අමතනු ලැබීය.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සියළුම නිලයින් අමතමින්, යුද්ධ හමුදාවේ තම රාජකාරින් කැපවීමේන් යුතුව ඉටුකිරීමේ වැදගත්කම, තම වෘත්තීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වාදුන් අතර, වැඩි දුරටත් දැනට යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන හරිත කෘෂිකාර්මික ව්‍යපෘතින් ඉදියට ගෙනයාම, වෘත්තීය දක්‍ෂතාවයන් වැඩිදියුණු කරගැනීම සහ යුද්ධ හමුදාවේ විනය පවත්වාගෙන යාම වැනි කරුණුද අවධාරණය කරන ලදී.
මෙම සංචාරය සනිටුහන් කරමින් සියළුම නිලයින් ඇමතීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා 21, 54, 56, 62 සහ 65 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - වන්නි, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.