28th August 2022 14:56:22 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයෙන් පසුව ඉකුත් සෙනසුරාදා (27) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් වෙත පැමිණි අතර, එහිදී එතුමන් එම මුලස්ථානයේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීමේ ක්‍ෂේත්‍ර චාරිකාව නිරත වූහ.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ එම මූලස්ථානය යටතේ ඇති සේනාංකයන්හි සේනාකාධිපතිවරුන් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු ආරක්‍ෂක මුරයේ (Drive pass) ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. ඉන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටීනු ලැබූහ.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සියළුම නිලයින් අමතමින්, යුද්ධ හමුදාවේ තම රාජකාරින් කැපවීමේන් යුතුව ඉටුකිරීමේ වැදගත්කම, තම වෘත්තීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වාදුන් අතර, වැඩි දුරටත් දැනට යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන හරිත කෘෂිකාර්මික ව්‍යපෘතින් ඉදියට ගෙනයාම, වෘත්තීය දක්‍ෂතාවයන් වැඩිදියුණු කරගැනීම සහ යුද්ධ හමුදාවේ විනය පවත්වාගෙන යාම වැනි කරුණුද අවධාරණය කරන ලදී. මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
ඉන් පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් කරන ලද ආරාධනයකට අනුව එම මූලස්ථානය විසින් සංවිධානය කරන ලද ප්‍රජා සත්කාරක වැඩසටහන් කීපයක් සඳහාද සහභාගී වන ලදී. එහිදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙත වියලි සලාක පාර්සල් සහ යුද්ධ හමුදාවේ රාජකාරි කරනු ලබන දමිළ යුද්ධ හමුදා සමාජිකයන් ගේ අවශ්‍යතා ඇති පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ඇසුරුම්ද සංකේතාත්මකව බෙදාදෙනු ලැබූහ.
අනතුරුව, මෙම වර්ෂයේදී ඉන්දීයාවේ පැවති කික් බොක්සිං තරඟාවලියෙන් රිදී පදක්කම දිනූ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යපනය ලබන ජෙගනේෂ්වරම් විජිතා ක්‍රීඩිකාව සහ පාකිස්තානයේ පැවති කික් බොක්සිං තරඟාවලියෙන් රන් පදක්කමක් දිනූ පුතුකුඩුඉරිප්පු විද්‍යාලයේ අධ්‍යපනය ලබන ගනේෂ් ඉන්දිකා දේවි ක්‍රීඩිකාව වෙත ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ සඳහා පුහුණු වීම් කටයුතු සිදුකිරීමට රුපියල් 50,000.00 ක වටිනාකම කින් යුත් මුදල් චෙක්පත් ප්‍රධානය කරමින් එම ක්‍රීඩිකාවන් සමඟ සුහඳව අදහස් කිහිපයක්ද හුවමාරු කරගනිමින් ඔවුන් දෙදෙනා වෙත සුබ පැතුම් එක් කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම සංචාරය සනිටුහන් කරමින් මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර, මූලස්ථාන කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබීය.
මෙම අවස්ථාව සඳහා 57, 59, 64, 66 සහ 68 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.