22nd August 2022 18:48:14 Hours
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු වෙත අද (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡන පැළඳවීය.
ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන් බැහැදැකීම සඳහා 23 සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. යූඑස්පී. පීඑස්සී, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාවක නිරත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. යූඑස්පී, 58 සේනාංකයේ සේනාංකාධිපති විශේෂ බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. පීඑස්සී, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ මේජර් ජෙනරල් ජී.කේ.අයි විතානාච්චි, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එච්.ජී.පී.එම් කාරියවසම් ආර්එස්පී. එන්ඩීසී. පීඑස්සී. අයිජී, 57 සේනාංකයේ සේනාංකාධිපති විශේෂ බලකායේ මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. එන්ඩීසී, 21 සේනාංකයේ සේනාකාධිපති විශේෂ බලකායේ මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී සහ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාවක නිරත ගැමුණු හේවා බළකායේ මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී. යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණ සිටියහ. ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්ත සේවය කරන විශේෂ බලකායේ මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට රාජකාරී හේතුන් මත මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.
යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් සිදුකළ කැපකිරීම වෙනුවෙන් නව උසස්වීම් ලද මේජර් ජෙනරල් වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමමින් ඔවුන් වෙත නිල ලාංඡන පැළඳවූවේය.
ඉන් අනතුරුව, නිලයත් සමඟින් පැවරෙන වගකීම පිළිබඳ සංකේතවත් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කරන ලදී. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කෘතවේදීත්වයට ස්තූතිය පලකළ නව මේජර් ජෙනරල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.