Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2022 19:52:16 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අද (19) දින ජනාධිපති මන්දිරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙරට 8 වැනි විධායක ජනාධිපතිතුමන් වෙත සිය සුභාශිංසන පළ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව දිවයිනේ ආරක්‍ෂාව තහවුරු කිරිමට සහ ජාතිය ගොඩ නැගීමේ ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපරිම සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන බව සඳහන් කළේය.

මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නව ජනාධිපතිතුමන් වෙත සමෘද්ධිය සංකේතවත් කරමින් පුන්කලසක අනුරුවක් සමරු තිළිණයක් ලෙස පිළිගන්වන ලදී.