Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2022 20:01:25 Hours

‘BestWeb.lk 2022’ තරඟාවලියෙන් යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට ලෝකඩ පදක්කමක්

‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.army.lk වෙබ් අඩවියට හැකි විය.

මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත්කර තිබූ වෙබ් අඩවි සඳහා සම්මානයන් හිමිගැන්වීමට එම වෙබ් අඩවිවල සැලසුම් කිරීම, අන්තර්ගතය, යාවත්කාලීන කිරීම්, පරිශීලකයාට භාවිතයේ ඇති පහසුව, තාක්‍ෂණික ලක්ෂණ, අලංකාරත්වය, භාෂාවේ ගුණාත්මකභාවය, ව්‍යාකරණ, තොරතුරුවල වැදගත්කම යනාදි කරුනු පදනම් කරගන්නා ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබයි.