Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2022 19:03:44 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ට ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ නායකයෙකු වන අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහා රජය වෙතින් නව සාමාජිකයන් පත් කිරීමේදී එම කවුන්සිලයේ නව සාමාජිකයකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පත් කර ඇත.

ටොරින්ටන් ක්‍රීඩාංගණ චතුරශ්‍රයේ පිහිටි ජාතික ක්‍රීඩා කවුන්සිල කාර්යාලය වෙත අද (10) දින නව සාමාජිකයින් කැඳවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මෙම පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පවතින ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා වෙත උපදෙස් දීම සදහා ජාතික ක්‍රීඩා සභාව පත් කරන ලදී.