Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2022 16:03:15 Hours

උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ජීවන් ත්‍යාගරාජා මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර අද (05) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සුහද හමුවක් පැවති අතර එහිදී, උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය සහ ඊට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම සුහද හමුව අතරතුර, උතුරු පළාතේ සිවිල් වැසියන් සහ - ආරක්‍ෂක අංශ අතර පවතින සහයෝගීතාවය සහ ප්‍රජා මූලික ව්‍යාපෘති තවදුරටත් වැඩිදියුණු කිරීමට මෙන්ම වර්ථමානයේ ආර්ථික දුෂ්කරතා හමුවේ දිවිගෙවන සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ජීවන් ත්‍යාගරාජා මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වූහ.