Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2022 18:38:32 Hours

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරි හොබවන බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ කර්නල් පෝල් ක්ලේටන් එම්බීඊ (Colonel Paul Clayton MBE) අද (03) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර පවතින සුහදත්වය, සහයෝගීතාවය හා අවබෝධය පිළිබඳ සිහිපත් කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවන් වෙතින් ලබාදෙනු ලබන පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව මෙන්ම අනෙකුත් හුවමාරු වැඩසටහන් ඇතුළු ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

මෙම සුහද හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ද එක්විය.