15th July 2022 14:57:00 Hours
යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම ලබන බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සිකුරාදා (15) දින සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාව තුල විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතිත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඇගයීමට ලක්කරන ලදී. එමෙන්ම, වර්ෂ 2009 මැයි මසට ප්‍රථම පැවති මානූෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරුණු අභියෝගාත්මක කාර්යභාර්යන් මැනවින් ඉටුකිරීම පිළිබඳව සිහිපත් කරන ලදී.
එමෙන්ම, යුද්ධ හමුදාවේ ඉතාමත් දක්‍ෂ උපදේශකයෙකු වශයෙන් මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා විසින් ඉටුකරන ලැබූ කාර්යභාරය ද පැසසුමට ලක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ අනාගත වැඩකටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් කිහිපයක් හුවමාරු කරගන්නා ලදී.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එතුමන් බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
මෙම සාකච්ඡාව අතරතුරදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමගින් සමග අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා රාජකාරි ඉටුකිරීමේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත සිය ස්තුතිය පුදකරනු ලැබීය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්විම් සහ සුභපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකළේය. මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.