Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2022 15:06:20 Hours

යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගේ රැකවරණයෙන් ගර්භණී කාන්තාවක් දියණියකට උපත දෙයි

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී ප්‍රසව වේදනාවට පත් 26 හැවිරිදි ගර්භණී කාන්තාවක් එම දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව කාසල් වීදිය කාන්තා රෝහල වෙත රැගෙන යාමට අද (7) දින උදෑසන යුද්ධ හමුදා කාන්තා භටපිරිස් කටයුතු කරනු ලැබීය.

සිය සැමියා සමඟ ඊයේ (6) දින සන්ද්‍යාවේ සිට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා මෙම පරිශ්‍රයේ රැඳීසිටි මෙම ගර්භණී කාන්තාව හැටන් - දික්ඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.

යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම ගර්භණී කාන්තාව කාසල් වීදිය කාන්තා රෝහල වෙත කඩිනමින් රැගෙන යාම නිසාවෙන් ඇයට නිරුපද්‍රිතව ළදරු දියණියකට උපතදීමට හැකියාව ලැබිණි. මේ වනවිට මව සහ එම ළදරුවා කාසල් වීදිය කාන්තා රෝහලේ නේවාසිකව සිටියි.