06th July 2022 22:21:54 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (6) දින පස්වරුවේ 1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 53 සහ 58 වන සේනාංක යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ඇමතුවේය.
මෙම දේශනය අතරතුර, යුද්ධ හමුදාධිපති විසින් රටෙහි වත්මන් තත්ත්වය සහ පැමිණිය හැකි අභියෝගවලට යුද්ධ හමුදා භටපිරිස් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කළේය.
මෙම දේශනය සඳහා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.