Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 16:01:28 Hours

යග්ගහපිටිය සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වනතුරු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියා සියලු රාජකාරිවලින් ඉවත්කෙරේ

(මාධ්‍ය නිවේදනය)

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ සිද්ධියට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියා පිළිබඳ මූලික පරීක්‍ෂණ උසාවියේ නිර්දේශ ලැබෙන තුරු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු රාජකාරිවලින් ඉවත්කර ඇත. සිද්ධියට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මඟින් විමර්ශනයක් ද මීට සමගාමීව සිදුකරමින් පවතී.

මෙම සිදුවීම පිළිබඳව නිරීක්‍ෂණය කර ඒ සබැඳිව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නියෝග මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත මූලික පරීක්‍ෂණ උසාවියක් පසුගිය සඳුදා (4) දින පත් කරන ලදී.