Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2022 16:55:47 Hours

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කායි (Captain Ian Cai) අද (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී සුහඳ සාකච්ඡාවක නිරත විය.

මෙම හමුවේදී යුද්ධ හමුදාපතිතුමන් සහ කපිතාන් ඉයන් කායි (Captain Ian Cai) අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඕස්ට්‍රේලියානු සන්නද්ධ හමුදා සාමාජිකයින් අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාවයට අදාළ පොදු කරුණු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ඔස්ට්‍රේලියානු හමුදාවෙන් ලබාදෙන සහයෝගය සහ හමුදා පුහුණු ක්‍ෂේත්‍රය සඳහා ලබාදෙන සහයෝගිතාවය වෙනුවෙන් කපිතාන් ඉයන් කායි (Captain Ian Cai) වෙත සිය ස්තුතිය පුද කළේය.

මෙම සුහද හමුව අවසානයේ දෙරට අතර පවතින සුහදතාවය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කායි (Captain Ian Cai) වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.