Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2022 14:10:35 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නවීකරණය කරනු ලැබු කායවර්ධන මධ්‍යස්ථනය නිධාරීන් සඳහා විවෘත කරයි

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිතකර තිබූ නවීකරණය කරන ලද කායවර්ධන මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අද (01) දින පැවැති උත්සවයකදී යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ භාවිතය සඳහා විවෘත කරන ලදී.

මෙම කායවර්ධන මධ්‍යස්ථානය තුළ නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගනෙ යෑම සඳහා අවශ්‍ය කරන නවීන ක්‍රීඩා උපකරණවලින් (Training Benches, Dumbbell Sets, Treadmills, Barbell Sets, Ellipticals, Rowing machines) සමන්විත වන අතර, එහි නිවැරදි ලෙස ව්‍යායාම කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් මනා පුහුණුව ලත් යුද්ධ හමුදා ශාරීරික පුහුණු උපදේශකයින් විසින් ලබාදෙනු ලබයි. නවීකරනය කරන ලද මෙම කායවර්ධන මධ්‍යස්ථානය නවීන ප්‍රමිතීන්ට අනුව නිර්මාණය කර ඇත.

නවීකරනය කරන ලද මෙම කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායකගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වූ අතර, එම අවස්ථාවේදී ව්‍යායාම යන්ත්‍රයක් ක්‍රියාත්මක කරමින් නවීකරණය කරන ලද කායවර්ධන මධ්‍යස්ථනය සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී. අනතුරුව මෙම ස්ථානය ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නිරීක්ෂණය කළ අතර, එහිදී, කායවර්ධන මධ්‍යස්ථනයේ සිටින ශාරීරික පුහුණු උපදේශකයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි අනෙකුත් පිරිස වෙත එම කායවර්ධන පුහුණු උපකරණයන් භාවිතා කරන අකාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වා දෙන ලදී.

එම ස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.