01st July 2022 17:44:42 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම භටපිරිස්වලට මෙරට තුළ පවතින වත්මන් ගැටලුකාරි තත්ත්වයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ මොහොතේ ගතයුතු යුතු ක්‍රියාමාර්ගන් පිළිබදව දැනුවත් කිරිමේ දේශණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අද (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.
මෙම දේශණයේදී යුද්ධ හමුදාපතිතුමන් විසින් කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ කාර්ය භාරය සහ කර්තව්‍යයන්, රටෙහි වත්මන් ආරක්‍ෂක කටයුතු, පොලිසිය සහ අනෙකුත් ආරක්‍ෂක අංශ සමඟ සබඳතා පවත්වා ගැනීම, සිවිල්-හමුදා සහයෝගීතාව, තීරණ ගැනීම, ප්‍රායෝගික ප්‍රවේශයන් සහ ඊට අදාළ විසඳුම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කල අතර, මෙම දේශණයේදී රටෙහි පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ට සහය වීම, ඔවුන් සමඟ සුහඳව කටයුතු කරන ආකාරය, මහජනතාවගේ හැඟීම් පිළිබඳ අවබෝධාත්මකව කටයුතු කිරීම, යුද්ධ හමුදාවේ ගෞරවය සහ විනය පවත්වා ගැනීම මෙන්ම සෑම තරාතිරමකම රාජ්‍ය තාන්ත්‍රික සභඳතාවයන් සුහඳ ශීලී ලෙස පවත්වාගෙන යමින් ආරක්‍ෂාකර ගැනීම යනාදි කරුණු පිළිබදව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.
මෙම දේශනය සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂක මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.