29th June 2022 16:05:17 Hours
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරයේ නුදුරේදී රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ බදාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම සුහද හමුව අතරතුර, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා විෂය පථය, අනාගත අභිමතාර්ථයන්, පරිපාලන කටයුතු හා ක්‍රියාකාරීත්වය පිළිබඳ කරුණු මෙන්ම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා වන හොඳම අධ්‍යයන අංශය වන ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධුරයට එතුමන් පත්කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාගනිමින් සිය ධූරයේ රාජකාරි සාර්ථකව ඉටුකරනු ලබන බවට සහතික විය.
දේශිය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් අධ්‍යයන කටයුතුවල නිරතවන ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවමින් ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සුබපැතුම් එක්කළ අතර මෙම සුහද හමුව සමාප්තියේ මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.