27th June 2022 14:55:58 Hours
රජයේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සහය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දියත්කරනු ලැබු බඩඉරිඟු වගා ව්‍යාපෘතියේ පළමු අදියර තඹුත්තේගම නිරාවිය යුද්ධ හමුදා ගොවිපළේදී අද (27) දින දියත්කල අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී විය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත්කරනු ලැබු හරිත කෘෂිකර්ම වගා සංග්‍රාමය යටතේ පළමුව යුද්ධ හමුදාව විසින් අක්කර 500 ක භූමි ප්‍රමාණයක බඩඉරිගු වගා කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අධියර වශයෙන් අක්කර 100 ක භූමී ප්‍රමාණයේ බඩ ඉරිගු වගාව ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. මෙම වගා ව්‍යාපෘතිය යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සිදුකරනු ලබන අතර, මෙහි ප්‍රථම අධියර යුද්ධ හමුදාවට අයත් නිරාවිය ගොවිපළේදී දියත්කරන ලදී. 2022 ජූනි මස 16 වැනි දින, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෙම ජාතික හා කාලීන වැදගත්කමකින් යුත් ව්‍යාපෘතිය ආරම්භ කරමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව (GASC) පිහිටුවන ලදී. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු රජය විසින් යුද්ධ හමුදාවට වගා කිරීම සඳහා වගාකිරීමට සුදුසු රජයේ ඉඩම් අක්කර 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදී තිබේ.
වගා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ විසින් පිළිගනු ලැබීය. අනතුරුව බඩ ඉරිඟු වගා ව්‍යපෘතියේ සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරන ලෙස ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදී. පසුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ එක්ව බඩ ඉරිඟු පැළ කිහිපයක් රෝපණය කරමින් ව්‍යාපෘතියේ පළමු අදියරය සුභ මොහොතින් ආරම්භ කරන ලදී.
ඒ අනුව, යාබද කලාඔය මිටියාවතේ ජල මූලාශ්‍ර අධාරයෙන් සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතියට අමතරව රට පුරා පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ (SLACAL) යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් වගා කටයුතුවල නිරතව සිටියි.
එම අවස්ථාව සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් යුද්ධ හමුදාවේ අරමුණ, ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය, ජාතික ප්‍රයත්නයේ විෂය පථය සහ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෘෂිකාර්මික අංශය සමඟ අත්වැල් බැඳ ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. තවද මෙම නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් අනාගතයේදී ආහාර ප්‍රභේදවල හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා භාවිතයට නොගත් වගා කළ හැකි රජයේ ඉඩම් අක්කර 1000 කට වඩා වැඩි භූමී ප්‍රමාණයක වගා කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා පැමිණි සියලුම නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ගොවිපලෙහි සංචාරයකද නරත වූහ.
සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශීරාන් අබේසේකර සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි, දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ ඒකක 6 ක භටපිරිස්, රජයේ කෘෂිකාර්මික විශේෂඥයින්, ගොවිජන නිලධාරීන් සහ යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තෝරාගත් බීජ වර්ග වගා කිරීම සඳහා භූමීය සුද්ධ කිරීම සහ වගාබිම් සකස් කිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර, තවද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ භටපිරිස් දැනටමත් රට පුරා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන ගොවිපළවල් 16ක නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.
2022 පෙබරවාරි මස 27 වන දින නිරාවිය ගොවිපළේ භටපිරිස් පොල් සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් පැළ 13,000ක පොල් බීජ ප්‍රරෝහණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකාය යුද්ධ හමුදාවේ ඉඩම් උපරිම ලෙස භාවිතා කරමින් කන්දකාඩු, මැණික් ෆාම්, වෙල්ලම්කුලුම්, ගල්කන්ද, පලටුපාන, ආඩියපුලියන්කුලම සහ බලල්ල යන ගොවිපළවල්වල එළවළු, බිත්තර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරතව සිටීන අතර, ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතිය යටතේ නිරාවිය ගොවිපලෙහි වී වගාකිරිමේ කටයුතු සිදුකරනු ලබයි. තවද, යුද්ධ හමුදා සාමාජිකයන් විසින් පොල් අක්කර 1000ක්, TEJC වර්ගයේ අඹ අක්කර 500ක්, කජු අක්කර 2000ක්, මිරිස් අක්කර 200ක්, යෝගට්, කිරි සහ බිත්තර දමන කිකිළියන් 100,000ක් ආදි වශයෙන් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් සලාක ඇසුරුම් නිෂ්පාදනය, ලුණු, තක්කාලි සෝස්, සහ කොම්පෝස්ට් පොහොර මෙන්ම කහ පැළ 100,000ක් වගා කිරීමේ ව්‍යාපෘතීන් දැනටමත් සිදුකරමින් පවතී.
වගා කටයුතු සිදුකිරීම සඳහා සුදුසු භූමී ඊට අදාළ ප්‍රදේශයන්හී ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සමඟ සාකච්ඡා කර රජයේ ඉඩම් ප්‍රාදේශීය මට්ටමින් හඳුනා ගැනීමට නියමිතව ඇත.