06th June 2022 14:51:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සඳුදා (6) දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි නාවික හමුදාධිපති කාර්යාලයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
නාවික හමුදා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් (පාලන) රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.
ඉන් අනතුරුව, නාවික හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නාවික හමුදාධිපතිතුමන් අතට අත දී පිළිගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදාවේ මාණ්ඩලික නිලධාරි ප්‍රමුඛ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වාදෙනු ලැබීය.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර පැවති සුහද හමුවේදී ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් ඇතුලු පොදු කරුණු රැසක් පිළිබඳ මෙන්ම යුද්ධ හමුදාවේ ඉදිරි සැලසුම් පිළිබඳව ද සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. සුහද හමුව සමාප්තියේ නාවික හමුදාධිපතිතුමන් සහ නව යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.