Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2022 20:25:42 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් උසස්වීම් ලබයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ 2022 ජුනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරල් නිලයට උසස් කරන ලදී.

යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි හෙබවූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි හොබවන අතර ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි අරඹයි.