Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2022 11:00:12 Hours

ධූරයෙන් නික්ම යන ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ කලාප හා සන්නද්ධ මූලස්ථාන නියෝජිත යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නුදුරේදී සිය ධූරයෙන් නික්ම යාමට නියමිත කොළඹ පිහිටි ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ කලාප හා සන්නද්ධ මූලස්ථාන නියෝජිත බ්‍රිගේඩියර් ජැක් ලිමේ (විශ්‍රාමික) (Brigadier Jacques Lemay) එම ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා මෙරටට පැමිණ සිටින එම මූලස්ථානයේ නව නියෝජිත සමඟින් පසුගිය බදාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

මෙම සුහද හමුව අතරතුරදී බ්‍රිගේඩියර් ජැක් ලිමේ (විශ්‍රාමික) විසින් තම ධූර කාලය තුල රාජකාරි සිදුකිරීමේදී යුද්ධ හමුදාව විසින් ලබාදුන් සමීප සහයෝගීතාවය පිළිබඳව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ස්තූතිය පුද කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ සහදව, අවබෝධයෙන් මෙන්ම සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම සම්බන්ධව බ්‍රිගේඩියර් ජැක් ලිමේ (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පිරිනැමුවේය.

එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙරටින් නික්ම යන බ්‍රිගේඩියර් ජැක් ලිමේ (විශ්‍රාමික) ගේ අනාගත රාජකාරීන් සඳහා සුබපැතුම් එක්කළේය.

මෙම සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපති සහ බ්‍රිගේඩියර් ජැක් ලිමේ (විශ්‍රාමික) අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

මෙම ධූරයේ නවතමයෙන් රාජකාරි භාරගැනීම සඳහා මෙරටට පැමිණ සිටින මේජර් ඇල්බට් ෂෝන් වෙල්ඩ් (විශ්‍රාමික) ද මෙම සුහද හමුව සඳහා සහභාගී විය.