Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2022 13:27:12 Hours

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගැනීමට නියමිතයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.