Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2022 17:06:14 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිල ලාංඡන පලදවයි

13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හත්දෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ එවකට පාඨමාලා භාර නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද බ්‍රහස්පතින්දා (19) දින එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිල ලාංඡන පළදවන ලදී.

ඒ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 37 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ තවත් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇත.

මෙම අවස්ථාව වඩාත් සුවිශේෂි වනුයේ පාඨමාලා අංක 37 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදුණු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එවකට කෙඩෙට් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබද පුහුණුව මෙන්ම යුද්ධ හමුදා නිලධාරියෙකු තුළ තිබිය යුතු දැනුම හා ගුණාංගවලින් පරීපූර්ණ කළ එවකට පාඨමාලා අංක 37 භාරව කටයුතු කළ වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් නිල ලාංඡන පැදවීමය.

ඒ අනුව, 213 වන බලසේනාවේ බලසේනාධිපති ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජගත් ආරියතිලක, 541 වන බලසේනාවේ බලසේනාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ, 144 වන බලසේනාවේ බලසේනාධිපති ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු, 143 වන බලසේනාවේ බලසේනාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන්, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කමල් ධර්මවර්ධන, 653 වන බලසේනාවේ බලසේනාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශිරන්ත මිල්ලගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙලෙස බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබීය.

ඉන් අනතුරුව, අද දින මෙම උසස්වීම් ලද නිලධාරීන් එවකට දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව හදාරණ කාලසීමාවේදී ඔවුන්ගේ පාඨමාලා භාර නිලධාරි වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන්ගේ වෘත්තීය දිවියේ අනාගත කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනමන ලදී. එහිදි එම නිලධාරීන් සමග සුහඳව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නව නිලයට උචිත අයුරින් යුද්ධ හමුදාවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා රාජකාරී ඉටුකරන ලෙස උපදෙස් ලබාදුන්නේය.

එම අවස්ථාවේදී නව බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ තමන් ජ්‍යෙෂ්ඨ පාඨමාලා භාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ කාලවකවානුව තුළ කෙඩෙට් නිලධාරීන් සඳහා පුහුණු කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව ද මතකය ආවර්ජනය කළේය. “මම බොහෝ සෙයින් සතුටට පත්වනවා ඔබ සැම පාඨමාලාවේ පුහුණුව සාර්ථකව අවසන් කිරිමෙන් අනතුරුව වෘත්තීය දිවිය තුළ දිගු ගමනක් පැමිණ තිබෙනවා. එලෙසම ඔබ සැම දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් ලද පුහුණුව අනාගතයේදී විශ්‍රාම ගැනීමෙන් පසුවත් ඔබේ ජීවිතය සහ චරිතය තවදුරටත් හැඩගස්වා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇතැයි මා විශ්වාස කරමී,” යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි නව උසස්වීම් ලද බ්‍රිගේඩියර්වරුන් සමඟව සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.