02nd May 2022 23:48:17 Hours
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව අඟහරුවාදා (03) දින පැවැත්වීමට යෙදෙන මෙවර රාමසාන් උත්සවය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හී සියලුම මුස්ලිම් නිලධාරීන් හා සෙසුනිලයන්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට සුබපැතුම් එක්කරමින්, නවසඳ දැකීමෙන්, මෙම ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ශක්තිය ඔබට ආශ්වාදයක් ලැබෙන සියලු අභියෝග ජයගැනීමටත්, සාමය, සතුට, ශක්තිය හා සහජීවනය උදාවන රාමසාන් උත්සවයක් වේවායි සුබ ප්‍රාර්ථනා කරයි.
ඔබගේ ආත්මය ආලෝකමත් වන සුබ රාමසාන් උත්සවයක් වේවා!