Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 18:15:52 Hours

නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් රාජකාරි අරඹයි

නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේ දී පැවති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත සපැමිණි නව රාජ්‍ය අමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව චාම් උත්සවයේ ආරම්භය සනිටුහන් විය.

පසුව, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී නව රාජ්‍ය අමාත්‍යතුමන් අභියස එම අමාත්‍යාංශය පිළිබඳ කෙටි හඳුන්වාදීමක් සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.