01st April 2022 16:52:58 Hours
23 වන සේනාංකය යටතේ ස්ථාපිත 232 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් විදෙස්ගත පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත මඩකලපුව දිස්ත්‍රික්කයේ කායන්කුඩා, තිකිලිවැද්දායි විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සිසු සිසුවියන් 15 දෙනෙකු වෙත පසුගිය බදාදා (04) දින පාපැදි බෙදාදෙන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි සහභාගී වූවේය.
ඕස්ට්‍රේලියාවේ පදිංචි ජානක සමරසේකර මහතා, නිමාලි දිසානායක මහත්මිය සහ එක්සත් රාජධානීයේ පදිංචි උදය කුමාර මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් විසින් පාපැදි මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබාදුන්හ. මෙම උත්සව අවස්ථාවට තිකිලිවැද්දායි පාසලෙහි ගුරුවරුන්, ප්‍රතිලාභී සිසුන්, සිය දෙමව්පියන් සහ ඥාතින් ද සහභාගී වූහ.
232 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රුවන් විජේසූරිය සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් දිනේෂ් සේනාරත්න ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් තොරාගැනීමෙන් අනතුරුව පා පැදි බෙදාදෙන ලදී.
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකු ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.