29th March 2022 11:35:50 Hours
අනුරාධපුර, ගල්කඩවල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි මුලිකත්වයෙන් ‘Scienter Technologies’ පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව පසුගියදා ඉදිකරදෙන ලදී.
‘යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020-2025’ ට සමගාමීව දියත් කල මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් ලබාදුන්හ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.
නව නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් ‘Scienter Technologies’ පුද්ගලික සමාගම විසින් සපයන ලද අමුද්‍රව්‍ය යොදාගනිමින් 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ටි.එච්.එම්.ඩි.ආර්.එම්. පීරිස් ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සති කිහිපයක් තුල සාර්ථකව අවසන් කෙරිණි.
නව නිවස නිවාසලාභින් වෙත භාරදීමේ උත්සවය ඉකුත් සිකුරාදා (25) දින පැවති අතර ආගමික වතාවත් මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට පරිත්‍යාගශීලින්, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස්, 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලසේනාවේ අණදෙන නිලධාරි සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.