26th March 2022 18:54:16 Hours
ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රදේශයේ පැවති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් ආර්.එම්.එස් පුෂ්පකුමාර රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
එසේම, එම තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම තරඟාවලියේ සමස්ත අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූහ.
තවද, මෙම තරඟාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමේ සෙබලියන් දෙදෙනෙකු සමස්ත කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගැනීමට සමත් වූහ.
තරඟයට සහභාගී වූ අනෙකුත් තරඟකරුවන්ගේ නම් පහත දැක්වේ:
සමස්ත අනුශූරතාව (පිරිමි)
5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් ආර්.එම්.එස් පුෂ්පකුමාර
5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බඩියර් කේ සම්මුගේෂ්වරන්
19 වන ගැමුණු හේවා බලඇණියේ කෝප්‍රල් පී. එම්. එස් විජයකුමාර
සමස්ත අනුශූරතාව (කාන්තා)
11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල කාන්තා ඒ.එම්.එන් නිදර්ශණි
2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ආධුනික කාන්තා සෙබල එච්.එම්.සී.එස් හේරත්