Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2022 21:00:10 Hours

‘PATS’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රිදී පදක්කමක්

පාකිස්තානයේ ඛාරියන් (Kharian) ප්‍රදේශයේ පිහිටි පාකිස්තානු යුද්ධ හමුදා ජාතික ත්‍රස්ථ මර්ධන මධ්‍යස්ථානයේ දී පැවති 5 වන ජාත්‍යන්තර ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රිදි පදක්කමක් දිනාගැනීමට සමත්විය.

මෙවර තරඟාවලිය මාර්තු මස 3 දින සිට 13 දින දක්වා පැවති අතර ඒ සඳහා නේපාලය, තුර්කිය, මොරොක්කෝ, උස්බෙකිස්තානය, බහරේන්, කෙන්යාව ඇතුළු රටවල් නියෝජනය කරමින් යුද්ධ හමුදා කණ්ඩායම් 16 කට වැඩි සංඛ්‍යාවක් තරඟ වැදුණි. උද්වේගී තරඟ වට 30 කින් අනතුරුව මනා කායික හා මානසික හැකියාවකින් යුත් හොඳම කණ්ඩායම තොරාගන්නා ලදී.

කිලෝමීටර් 80 ක අති දුෂ්කර පා ගමන, ජල බාධක තරණ, ඛණ්ඩ වෙඩි තැබීමේ සරඹයන්, රැක සිට පහරදිම සහ රැක සිට පහරදිම වැළැක්වීමේ සරඹයන්, ගුවන්යානා අභ්‍යාසයන් සහ වෙහෙසකර පා ගමන් යනාදි තරඟ ඉසව් රැසකින් මෙම PATS තරඟාවලිය සමන්විත වේ.

මෙවර තරඟාවලියට එක්වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා PATS කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් තිදෙනෙකු සහ සෙසුනිලයින් අටදෙනෙකු සහභාගී වූහ.