23rd March 2022 21:47:45 Hours
මාතලේ විජය විද්‍යාලයේ සිසු දරුදැරියන් සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව ඉකුත් සඳුදා (14) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කළ ‘විජය විරු අභිමන්’ නම් වු විශේෂ උත්සවයකදී එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත පාසල් මාතාවගේ උපහාරය පුද කළහ.
විද්‍යාලයේ ක්‍රියාශීලී ආදි ශිෂ්‍යයෙකු වූ මේජර් ජෙනරල් විකුම් ලියනගේ පාසල් අධ්‍යාපන කටයුතු අතරතුදී ක්‍රීඩා කටයුතුවලින් ද සිය දස්කම් දක්වු අතර රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වී පාසල් මාතාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නේය.
නිර්භිත රණශූරයෙකු ලෙස මාතෘභූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා මේජර් ජෙනරල් විකුම් ලියනගේ කල කැපවීම මෙම උත්සවය අතරතුරදී ප්‍රශංසාවට ලක් කෙරිණි.
උත්සවය අතරතුරදී, මේජර් ජෙනරාල් විකුම් ලියනගේ රට වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය. මෙම අවස්ථාවට විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, දෙමාපියන්, සිසු දරුදැරියන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරල් විකුම් ලියනගේ සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකි අයුරින් හමුදා ජීවිතය තුලින් තමා විශාල පන්නරයක් ලද බව පැවසීය. එසේම, යහපත් පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවැසි නිවැරදි මාර්ගය පෙන්වාදුන් පාසලේ ගුරුභවතුන්ට සහ පාසල් මාතාවට මෙහිදි මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ස්තූතිය පුද කළේය.